ස්ථම්භ ප්‍රස්ථාර (Histogram)

විවධ අවස්ථාවන්වලදී අප විසින් එකතු කර ගන්නා ලද දත්ත සමූහයන්ගේ ව්‍යාප්තිය චිත්‍රානුරූපීව නිරීක්ෂණය කිරීම සඳහා ස්ථම්භ ප්‍රස්ථාර යොදා ගනු ලැබේ. මෙමගින් අපට වඩාත් පහසුවෙන් දත්තකල ව්‍යාප්තිය නිරීක්ෂණය කල හැකි වේ. ස්ථම්භ අතර ඉඩක් නොමැති වීම ස්ථම්භ ප්‍රස්ථාර වල විශේෂ ලක්ෂණයකි. මෙය Microsoft Excel හෝ Open Office Calc භාවිතයෙන් නිර්මාණය කර ගන්නා ප්‍රස්ථාරයක ස්ථම්භ අතර ඉඩ ප්‍රතිශතය 0 කිරීමෙන් සිදු කල හැක.
උදාහරණ
1 ක්‍රමය
කිසියම් බැංකුවක් විසින් පාරිභෝගිකයෙකු වෙත ඉලෙකට්‍රොනික කාඩ්පතක් (ATM) නිකුත් කිරීමට ගතවන කාලය (දින ගණන) පහත දක්වා ඇත.
ඉහත දත්ත සඳහා ස්ථම්භ ප්‍රස්ථාරය පහත පරිදි නිර්මාණය කල හැක
කිසියම් ක්‍රියාවලියක් නිසියාකාරව සිදුවන්නේ නම් ඒ සඳහා නිර්මාණය කරනු ලබන ප්‍රස්ථාරය ඉහත පරිදි මධ්‍යයේ උපරිමයකුත් දෙපසට යන විට ක්‍රමයෙන් අඩු වීගෙන යන ස්වරූපයකුත් පෙන්නුම් කල යුතුය. ඉහත දක්වා ඇත්තේ සරල ස්ථම්භ ප්‍රස්ථාරයක් වන අතර සාමාන්‍යයෙන් සිදුවනුයේ දත්ත සමූහයක් සඳහා පන්ති ප්‍රාන්තර සොයාගැනීමට සිදුවන ස්ථම්භ ප්‍රස්ථාරයන්ය. මෙවැනි ආකාරයේ ස්ථම්භ ප්‍රස්ථාරයක් අඳින ආකාරය අපි දැන් සලකා බලමු.
2 ක්‍රමය
පහත දත්ත යොදගෙන ස්ථම්භ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න
 
ප්‍රථමයෙන්ම මෙම දත්ත පන්තියට අදාලව කුඩාම අගය සහ විශාලම අගය සොයා ගත යුතුය. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ පේලියෙන් පේලියට හෝ තීරයෙන් තීරයට කුඩාම අගයත් විශාලම අගයත් සොයාගෙන ඉන් පසුව ඒවායින් නැවත කුඩාම අගයත් විශාලම අගයත් සොයාගැනීමයි.
 
ඉහත වගුවට අනුව දත්ත පන්තියේ කුඩාම අගය 37.3 ද විශාලම අගය 39.9 ද වේ. තවද මෙහි ඇති දත්ත ගණන 100 කි. ඉහත කරුණු අනුව මෙම දත්ත පන්තියට අදාලව පරාසය (විශාලම අගය - කුඩාම අගය) හා පන්ති ප්‍රාන්තර ගණන සොයා ගත හැකිය.
මේ අනුව පරාසය = විශාලම අගය - කුඩාම අගය
              = 39.9 – 37.3
              = 2.6
පන්ති ප්‍රාන්තර ගණන සොයා ගැනීම සඳහා පහත වගුව උපයෝගි කර ගන්න. 
අපගේ දත්ත පන්තියේ දත්ත 100 ක් ඇති බැවින් අදාල පන්ති ගණන 7 කි. පරාසය මෙම අගයෙන් (පන්ති ගණනින්) බෙදූ විට පන්ති ප්‍රාන්තරය ලැබේ.
පන්ති ප්‍රාන්තරය = පරාසය / පන්ති ගණන
            = 2.6 / 7
            = 0.3714
            = 0.4
අනතුරුව පන්ති ප්‍රාන්තර සොයා ගත යුතුය. මෙහිදී අප කුඩාම අගය පළමු පන්තියේ පළමු අගය ලෙස සලකණු නොලැබේ. පළමු පන්තියේ පළමු අගය පහත පරිදි සොයා ගත හැකිය.
පළමු පන්තියේ පළමු අගය = කුඩාම අගය – දත්ත පන්තියේ කුඩාම මිනුම / 2
                    = 37.3 – 0.1/2
                    = 37.3 – 0.05
                    = 37.25
මෙහිදී කුඩාම මිනුම යන්න පහත උදාහරණ මගින් තේරුම් ගන්න.
   
ඉහත කරුණු වලට අනුව 
පළමු පන්තිය    = 37.25 – 37.25+0.4
             = 37.25 – 37.65
දෙවන පන්තිය   = 37.65 – 37.65+0.4
             = 37.65 – 38.05
තෙවන පන්තිය   = 38.05 – 38.05 + 0.4 
              = 38.05 – 38.45
මෙලෙස පන්ති ප්‍රාන්තරය එකතු කරමින් සොයාගත් පන්තීන් සහ අදාල සංඛ්‍යාත පහත පරිදි වේ. පහත පරිදි වේ.
 
මේ අනුව අදාල ස්ථම්භ ප්‍රස්ථාරය පහත පරිදි වේ.