ගැලීම් සටහන් (Flow Charts)

ගැලීම් සටහන් යනු කිසියම් ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීම සඳහා පසු කරන පියවර අනුපිළිවෙලට චිත්‍රානුරූපීව දැක්විය හැකි ක්‍රමයකිගැලීම් සටහන් භාවිතා කිරීමෙන් අදාල කාර්යයන් පහසුවෙන් තේරුම් ගත හැක. ගැලීම් සටහන් නිර්මාණය කිරීම සඳහා සම්මත සංකේත භාවිතා කෙරේ. මේ හේතුවෙන් ගැලීම් සටහන් කියවීම ඉතා පහසුය.

ගැලීම් සටහන් නිර්මාණය කිරීම
ගැලීම් සටහනක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාවලියට සම්බන්ධ උචිත පුද්ගලයින් සම්බන්ධ කරගත යුතුය. (කම්කරුවන්, වැඩ පරීක්ෂකවරුන්, සැපයුම්කරුවන්, පාරිභෝගිකයින්) මෙම සියළු දෙනාම එක්රැස්වී සමිතියක ආකාරයෙන් කටයුතු කර ගැලීම් සටහන නිර්මාණය කිරීම අවශ්‍ය වේ.
මෙම ක්‍රියාවලිය සඳහා අප බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් ගතවිය හැකි නිසා අවශ්‍ය තරම් කල් ලබා දීම සහ සම්බන්ධ වූ සියළුම දෙනාගේ අදහස් දැන ගැනීමද ඉතා වැදගත්වේ. ඒ සඳහා සෑම දෙනාම පහත ප්‍රශ්ණ ඇසීමට උනන්දු කිරීම යෝග්‍ය වේ.
  1. පලමුව සිදුවන්නේ කුමක්ද?
  2. ඊළඟට සිදුවන්නේ කුමක්ද?
  3. මෙම ක්‍රියාවේ නිමැවුම් වලට සිදුවන්නේ කුමක්ද?
  4. මෙම ක්‍රියාව සඳහා යෙදවුම්/අමුද්‍රව්‍ය ලැබෙන්නේ කොතනින්ද?
  5. මෙම ක්‍රියාව සඳහා යෙදවුම්/අමුද්‍රව්‍ය ලැබෙන්නේ කෙසේද?
  6. මෙම ස්ථානයේදී වෙනත් යමක් කිරීමට අවශ්‍යවේද?
ක්‍රියාවලියේ එක් එක් වැඩපලවල් සඳහා ඉහත ප්‍රශ්ණ වෙන වෙනම ඇසීම මගින් සාර්ථක ගැලීම් සටහනක් නිර්මාණය කර ගත හැක.
තේරුම් ගැනිමේ පහසුව සඳහා පහත දැක්වෙන ක්‍රියාවලි සඳහා සරල ගැලීම් සටහන් නිර්මාණය කරමු.
මොරටුවේ සිට කොළඹට යාම සඳහා බසයකට ගොඩවීම. 
  • මෙහිදී පහත දැක්වෙන අදියරයන් සම්පූර්ණ කල යුතුය.
    1. බස් නැවතුමට යාම
    2. බසයක් එනතුරු රැඳී සිටීම
    3. බසයක් පැමිණීම
    4. කොළඹ බසයක්දැයි පරීක්ෂා (තීරණය) කිරීම
    5. කොළඹ බසයක් නම් බසයට ගොඩවීම හෝ නැතිනම් නැවත රැඳී සිටීම